Wednesday 6th of May 2026

English Tamil
Advertiesment


පදින වාහනයෙන් තරම හෙළි වේ


2026-05-06 1273

 

ඔබට වාහනයක් ගැනීමට මුදල් තිබුණාට, බුද්ධිය මිලට ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න

 

ලියුම්කරුගේ අදහස වන්නේ ශ්‍රී ලංකාවේ මහා මාර්ග වල ධාවනය වන වාහන වර්ග / පන්ති (category) සහ යම් යම් වාහන මාදිලි (models) දුටු විට ධාවනය කරන රියදුරුගේ තත්ත්වය එනම් උගත් කම, බුද්ධිමත් කම, සමාජ තත්ත්වය, පෞරුෂය වැනි දේ නිසර්ගයෙන් අවබෝධ කර ගත හැකි බවයි. මෙහිදී විශේෂ කාරණයක් සඳහන් කල යුතුයි. මොන යම් හෝ වාහන පන්තියක් හෝ මාදිලියක් වුව ද වැදගත් අයුරින් ධාවනය කරනා රියදුරු මහතුන් ද සිටිනා අතර ඔවුන්ට ලියම්කරුගේ ප්‍රණාමය හා කෘතඤතාවය හිමි වේ.

 

වාහන පන්තිය - මෝටර් සයිකල් (Motor Cycles)

 

 

සත්‍ය වශයෙන් ම අවදානම් සහගත වාහනයකි. එයය හේතුව ලිපියේ මාතෘකාවට සම්බන්ධයක් නැති භෞතික නියමයන්‍ ය. රෝද දෙකක් පමණක් පැවතීම හේතුවෙන් මහා මාර්ගයේ ධාවනය වන අවදානම් සහගත ම වාහනය මෙය වේ ! රියදුරු කොපමණ හොඳින් ධාවනය කලත් නොයෙකුත් හේතු නිසා අනතුරට ලක් විය හැකි වාහනයකි. එම නිසා මහා මාර්ගය භාවිත කරන සියලු දෙනා ඒ බව සිහි තබා ගත යුතුයි. 

 

වාහන මාදිලිය - Bajaj CT 100

 

 

අඩුම බුද්ධිමත් භාවයක් ඇති පිරිස් විසින් වැඩි වශයෙන් භාවිත කරන මාදිලි වලින් එකකි. වැඩි වශයෙන් යොවුන් වියේ පසු වන අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් විසින් භාවිත කෙරේ. යොවුන් මදය නිසාවෙන් මොවුන් අධික වේගයෙන් ධාවනයේ යෙදෙති. වේගයෙන් යෑම මිස හදිසි අවස්ථාවක් පැමිණිය හොත් නැවැත්වීම ගැන කිසිදු අදහසක් නැත. කුසල් විපාක බලයෙන් ම දුවති. අනෙකුඝ් රියදුරන්ගේ දක්ෂතාවය නිසා නොමැරී ගෙදර යති.

 

වාහන මාදිලිය - Bajaj Pulser N160/ NS 200

 

                    

 

පාරේ වැඩ්ඩෝ මොවුන් වෙති. උපරිමයෙන් පාරේ රඟති. තරුණ පරම්පරාවේ dream bike එක මෙයයි. Brand New මිලට ගෙන අවුරුද්දෙන් මලකඩ කෑම ආරම්භ වුව ද show off එක අඩු නොවේ. ව්ඳුරාට දැලි පිහිය ලැබුනාක් මෙන් Bajaj සමාගමෙන් මොවුන්ගේ යකඩ අශ්වයාට LED Low/ Head beam ලබා දී ඇත. මොවුන් අනෙකුත් රියදුරන් පීඩාවට පත් කරන චේතනාවෙන් Head beam ගසති. ඉදිරියෙන් එන රියදුරු තාවකාලික අන්ධ භාවයකට පත් වේ. එවිට මන්ද බුද්ධික Pulsur රියදුරු සතුටට පත් වේ. කිසිවකු මොවුන්ව over take කල හොත් දරුණු ලෙස කිපී road rage පටන් ගනී.

 

වාහන මාදිලිය - Yamaha FZ/FZS 150 & MT15

 

   

 

බොහෝ දුරට descent crowd එකක් පදින වාහනයකි. වමට දකුණට හරවන විට නිවැරදි පරිදි signal lights දමති. අවදානම්කාටී ලෙස වේගයෙන් නොයති. සාපේක්ෂව බුද්ධිමත් කොට්ඨාසයක් විසින් ධාවනය කරන රථයකි. තවත් bike models සම්බන්ධයෙන් රසවත් තොරතුරු ලියුම්කරු සමග ඇති නමුත් ලිපිය දීර්ඝ වන බැවින් පල නොකිරීමට අදහස් කර ඇති බව කරුණාවෙන් සලකන්න.

 

 
වාහන පන්තිය - ත්‍රී රෝද රථ (Three Wheelers) BAJAJ & TVS

 

 

රෝද තුනක් පමණක් ඇති බැවින් භෞතික නියමයන් නැවත හරස් වේ. අවදානම අතින් මෝටර් සයිකලයට පමණක් දෙවෙනි වේ. මහා මාර්ගයේ පිළිකාව මෙයයි. දිනෙන් දින වර්ධනය වේ. දරුණු ලෙස අවදානම් සහගත වාහනයකි. ශ්‍රී ලාංකික ජන සමාජයේ පහල ම ස්ථරයේ ජනප්‍රිය ම වාහනය මෙය වේ. පදවන රියදුරන්ගෙන් අති බහුතරය අතිශය නූගත්, ඉතා අඩු  බුද්ධියක් ඇති, අශිෂ්ට හා ප්‍රකෝපකාරී dream walkers රැල කි. Signal lights යනු මොනවාද සහ එවැන්නක් වාහනයට සවි කර ඇත්තේ ඇයි දැයි ඔවුන් නොදනිති. තමා වාහනය පදවන්නේ කාටත් පොදුවේ පරිහරණය කල හැකි මාර්ග වල බව ඔවුන් නොදනිති. තම ගෙදර සාලය හරහා යනවාක් මෙන් ඔවුන් යති. පාරේ දකුණු පසින් පැයට කිලෝ මීටර් තිහේ වේගයෙන් යති. ලස්සනට දිළිසෙන්නට signal light එකක් දමා ගෙන යති.

දිග වැඩි නිසා ඡේදය කඩමි. වමට signal දමා දකුණට හරවන අතර දකුණුට signal දමා වමට හරවයි. මාර්ගයේ දකුණු පස ගැන කිසි තැකීමක් නොකොට U turn ගසති. දකුණු පසින් එන ඔබ brake එක උඩ හිට ගෙන තිරිංග යෙදිය යුතුය. මොවුන් දැන් සුලභව powerful LED භාවිත කරති. ඉදිරියෙන් එන රියදුරුට එය බලවත් පීඩාවකි. නිරන්තරයෙන් වමෙන් ඉස්සර කරන්නෝ වෙති. තම රථය තොරොම්බල් කරත්තයක් මෙන් සැරසීම මොවුන්ගේ ඒකායන පාර්ථනයයි. එල්ලන nickel කෑල්ලක් පාසා මොවුන් සතුටු වෙති. ආර්ථික දරිද්‍රතාවයටත් වඩා චින්තන දරිද්‍රතාවයකින් පෙලෙන කොට්ඨාසයකි. මහා මාර්ගයේ මෙම වාහනය දුටු විට අවදානම් සහගත බව සිහි තබා ගෙන තමා මාර්ගය පරිහරණය කල යුතුය.

 

වාහන පන්තිය - වෑන් රථ (Vans - Dual purpose vehicles)

 

 

තවත් ආවේගශීලී රියදුරන් විසින් වැඩි වශයෙන් ධාවනය කරන වාහන පන්තියකි. මේවා Passive safty අඩු වාහන වුව ද පදවන්නන් සිතන්නේ සුපිරි safty සහ performance ඇති වාහන ලෙස ය. Delivery purpose සඳහා නිෂ්පාදනය කර ඇති ලංකාවේ ධාවනය වන Van බහුතරයක්, passenger purpose සඳහා භාවිත වේ. තොරොම්බල් කෑලි එල්ලීමේ ප්‍රවණතාවය සාමාන්‍යයෙන් වැඩි අගයක් ගනී. සාපේක්ෂව අඩු බුද්ධිමත් භාවයක් සහිත රියදුරන් විසින් වැඩි වශයෙන් පදවන වාහන පන්තියකි. Moderate අවදානමක් සහිත බව සිහි තබා ගැනීම කාලොචිතයි. 

 

වාහන පන්තිය - කාර් රථ (Cars)

 

 

ශ්‍රී ලංකාවේ මහා මාර්ග වල වැඩිපුර ම අගතියට පත් වන වාහන පන්තිය මෙය යි. එයට හේතු කීපයක් බලපා තිබේ.

* බස් / ලොරි රථ වැනි විශාල වාහන වලට සාපේක්ෂව කාර් රථ හ්අතිශයින් සුකුමාල වීම.
* මෝටර් සයිකල් / ත්‍රී රෝද රථ වලට සාපේක්ෂව accident repair cost එක අති විශාල වීම. 
* ඉහත හේතු දෙක නිසා කාර් රථ රියදුරන්ට ලොකු වාහන සහ පොඩි වාහන යන දෙකොට්ඨාසය ගැනම භීතිකාවෙන් යුතුව රිය පැදවීමට සිදුවීම.
* මාර්ගයේ ඉඩක් දුටු තැන අස්සෙන් රිංගවන bikes & three wheelers ගැන නිරන්තර අවධානය දීමට සිදු වීම

තවත් හේතු තිබිය හැකි නමුදු මේ මොහොතේ ලියුම්කරුගේ මතකයට නැගෙන්නේ එපමණකි. සාපේක්ෂව උගත්, බුද්ධිමත් සහ සමාජයේ ඉහල ස්ථරය නියෝජනය කරන බහුතරයක් පිරිස විසින් පදවන වාහන පන්තිය මෙයයි. (ව්‍යතිරේක ඇත. සිනා නොවනු මැනැවි). හද්දා පරණ කාර් ලඩි බොහෝ විට පදවන්නේ ඉහත විස්තර කල පුද්ගල කාණ්ඩය නොවන බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමි. පොදුවේ ගත් කල ඉවසිලිවන්ත, අනෙකුත් පුද්ගලයන්ට ගරු කරන, මාර්ග නීති අනුගමනය කරන, සාමකාමී පිරිසක් විසින් කාර් රථ ධාවනය කෙරේ. 


වාහන පන්තිය - Kei Car
වාහන මාදිලිය - Suzuki Wagon R

 

 

පහළ මධ්‍යම පන්තියේ dream vehicle එක මෙය යි. Under powered engine එකක් ඇති නමුත් මෙය පදවන රියදුරන් බොහෝමයක් සිතන්නේ ඔවුන් super car එකක් පදවනවා ලෙසිනි. 660cc එන්ජින් එක කෑ ගස්සවමින් වැඩ ගති. වාහනයට ඔරොත්තු නොදෙන වේගයකින් තම ෆෙරාරිය පදවති, 140 km/h අමාරුවෙන් achieve කරති. මරණ වරෙන්තුව අතේ තබාගෙන පාරම් බාති. Videos දමා facebook එකේ ද රඟති. අවශේෂ හුදී ජනයා අසරණයන්ට අනුකම්පා කරති. මෙම වාහනය පදවන මහත්මයන් ද සිටින බව නැවත අවධාරණය කල යුතු ය. 

ඉහත වර්ගීකරණයන්ට අසු නොවන තවත් වාහන වර්ග කීපයක් ඇත. ඇත්ත වශයෙන්ම මෙම වාහන වලට ද මෙම අපකීර්තිය ලැබී ඇත්තේ රථයේ ඇති දෝෂ නිසාවෙන් නොව පදවන්නන්ගේ ක්‍රියා කලාපයන් නිසා ය. මහා මාර්ග වල කැපී පෙනෙන තව වාහන මාදිලි දෙකක් ඇත. එවා නම් Suzuki Every සහ Mahidra Pick up trucks ය. කුලප්පු වූ මීහරක් වැනි ස්වභාවයක් වැඩි වශයෙන් දක්නට තිබේ. සාපේක්ෂව පහළ ජීවන තත්ත්වයක් ඇති අය අතර වැඩි වශයෙන් භාවිත වේ. 

 

වාහන පන්තිය - බස් රථ (Buses)

 

 

 

පිළිගන්න මිත්‍රවරුනි මහා මාර්ගයේ පාතාලය...


මහ දවල් මහ මග මිනී මරන මොවුන් කිසිවකුට බය නැත (Traffic Police එකට පමණක් තරමක් බය වේ. ඊට හේතුව ද මුදල් වියදම් වන නිසා මිස නීතියට ඇති භය පක්ෂපාතීත්වය නිසා නොවේ). බස් රථ රියදුරන් බහුතරය කුමන හෝ මත් ද්‍රව්‍යයක් පානය කර රිය පදවන්නෝ වෙති. බුලත් විටේ සිට අයිස් (crystal meth), කුඩු (heroine) දක්වා කුමක් හෝ විසක් ශරීර ගත කොට මග මරුවන් ලෙසින් පාරේ රඟති. කන් බිහිරි කරවන මට්ටමේ horn ගසති. අලින්ට ගැසිය යුතු අන්දමේ නළා ශබ්දයන් ජනාකීර්ණ මහ මග ගසති. බස් රියදුරු බහුතරය අඳ බාල, මුග්ධ, අශිෂ්ට නරුමයෝ වෙති.

කිසිම වාහනයකට ඉඩ නොදෙති. මගියකු නංවා ගැනීම පිණිස නැවැත්වීමේ දී පවා හැකි නම් මාර්ගය අවහිර කර නවත්වති. මී හරකෙකු මෙන් break apply කර්ණු ලැබේ. එවිට bus රථය තුල හිට ගෙන ගමන් කරනා මගීන් බලවත් ලෙස අපහසුතාවයට පත් වේ. වාහනයේ විශාලත්වය අවියක් කොට ගෙන අනෙකුත් රියදුරන් හා මාර්ගයේ පදිකයන් පෙලති. බලවත් මානසික සංකූලතා (mental disorders) වලින් පෙළෙන බස් රථ රියදුරන් බහුතරය, දැඩි අවදානම් සහගත බව තරයේ සිහි තබා ගත යුතුය. 

තොරොම්බල් කරත්ත .modifications වලට බෙහෙවින් රුචි වෙති. Nickle plate කිලෝ 50 ක් පමණ සුදු යකඩ බොඩියේ එල්ලති. "සැමදෑ වෙසක්" තේමා පාඨය මූලික කොට ගනිමින් LED bulbs 100 ක් 200 ක් පමණ බඳේ එල්ලති. ඉදිරියෙන් එන රියදුරන්ට අකුණු ගැසුවාක් වැනි flasher lights ගසා පුදුම ප්‍රීතියක් ලබති. මොවුන්ගේ වැරදි සියල්ල සඳහන් කිරීමට ගිය හොත් මෙම ලිපිය ඉතා දීර්ඝ වනු ඇත. ලියුම්කරු එයට නොකැමැත්තේ ය. "ඔබ බස් රථ පාතාලයේ ගොදුරක් නොවේවා ! " යන්න ලියුම්කරුගේ ප්‍රාර්ථනයයි 

Advertiesment